Articles

Paper Plate වලින් අපූරු නිර්මාණ හදමු.

Paper Plate ඕනෑම ගෙදරක තියෙනවා. Paper Plate වලින් කන්න විතරක් නෙවෙයි තවත් අපූරු නිර්මාණ කරන්න පුළුවන්. අද අපි කියලා දෙන්න යන්නේ ඒ වගේ නිර්මාණ කිහිපයක් ගැන. මුලින්ම අපි බලමු Paper Plate වලින් ලස්සන දේදුන්නක් හදා ගන්න විදිය.

මොනාද අවශ්‍ය වෙන්නේ

  • Paper Plate
  • පුළුන්
  • සුදු කාඩ්පත් තොගයක්
  • රෝස, තැඹිලි, කහ, කොළ, සහ නිල් බොත්තම්
  • Atlas කතුරක්
  • Atlas ගම්

මෙහෙමයි හදන්නේ

මුලින්ම Paper Plate එක රූපයේ විදියට කපා ගන්න. සුදු කාඩ් තොගයෙන් 5 සිට 1 “x8.5” තීරු කපා ගෙන ඔබේ කඩදාසි තහඩුව දක්වා පහලට එක් පැත්තකට අලවා ගන්න.

දැන් Paper Plate එක පිරෙනකම් ගම් ගාලා පුළුන් අලවාගන්න. ඊට පස්සේ එක් එක් කපාගත් තීරු මත ඔබගේ පාට පාට බොත්තම් අලවගන්න. ඔන්න දැන් අපි නිර්මාණය හදලා ඉවරයි.බලන්න කොයි තරම් අපුරු දේදුන්නක්ද නිර්මාණය වුණේ කියලා.

දැන් අපි බලමු Paper Plate වලින් කඩදාසි ඉබ්බෙක් හදා ගන්න හැටි.

මොනාද අවශ්‍ය වෙන්නේ

මෙහෙමයි හදන්නේ

මධ්‍යම ප්‍රමාණයේ Paper Plate එකක් අරගන්න. ඒකෙන් ඉබි කටුව හදාගන්න. Paper Plate එක උඩ කොළ පාට Felt Pen එකෙන් ඉබි කටුවේ හැඩයක් අදින්න. එම හැඩයන් කළු පාට Felt Pen එකෙන් Outline කරන්න.

දැන් හිසක්, කකුල් හතරක් කොළ පාට බ්‍රිසටල් බෝර්ඩ් එකෙන් කපාගන්න. කපාගත් හිස මත ප්ලාස්ටික් ඇස් අලවන්න. ඔන්න අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. බලන්නකෝ කොයි තරම් අපුරු ඉබ්බෙක්ද කියලා.

දැන් කියලා දෙන්න යන්නේ Paper Plate වලින් තවත් අපූරු සතෙක් හදන හැටි. බූවල්ලෙක් තමයි දැන් හදන්න කියලා දෙන්නේ.

මොනාද අවශ්‍ය වෙන්නේ

මෙහෙම හදමු

මුලින්ම Paper Plate එක තීන්ත වලින් පාට කරලා වේලෙන්න තියන්න. ඒ අතරේ සුදුපාට A4 එකෙන් ඇස් දෙකක් කපාගන්න. Black Marker එකෙන් අැසේ බෝල ඇඳලා අලවගන්න.

තැඹිලි පාට A4 එකෙන් දිගට හැඩ කරලා තීරු කපාගන්න. Paper Plate එකේ එම තීරු අලවාගන්න. දැන් නිර්මාණය කරලා ඉවරයි. බලන්නකෝ ලස්සන.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

Leave a Comment: