Articles

බැලුම් බෝලයකින් ගේ කුරුල්ලන්ට කූඩුවක් හදමු.

ගේ කුරුල්ලා කියන්නේ අපේ ගෙවල් අවටම ඉන්න චූටි කුරුල්ලෙක්. ගෙදර බිත්තියේ මැටි බඳුනක් එල්ලුවම ගේ කුරුල්ලන් ඒකේ කූඩු හදනවා. අද අපි බලමු බැලුම් බෝලයකින් ගේ කුරුල්ලන්ට කූඩුවක් හදා ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්

මේ විදියට හදා ගන්න

මුලින්ම බැලුම් බෝලය හොඳින් පුම්බා ගැට ගසා ගන්න. දැන් බැලුම් බෝලය වටේ හිඩැස් නොතිබෙන්න වූල් පන්දුව ඔතා ගන්න.

ඊට පස්සේ බැලුම් බෝලය වටා හොඳින් Atlas Binder ගම් ගාන්න. දැන් ටික වෙලාවක් වේලෙන්න තියන්න. හොඳින් වේලුනාට පස්සේ බැලුම් බෝලය පුපුරුවා හරින්න.

දැන් කුරුල්ලන්ට ඇතුළු වෙන්න චූටි දොරක් කපා ගන්න. කපා ගත්ත කොටස බැලුම් බෝලය යටින් අලවන්න.දැන් බැලුම් බෝලය ඇතුලට පිදුරු ටිකක් දමලා ගෙදර ඉස්සරහින් එල්ලලා තියන්න.

Related Products

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

Leave a Comment: