Articles

පොල් කටු ඉබ්බෙක් හදමු.

ඉබ්බා කියන්නේ අප අවට පරිසරයේ ඉන්න ගොඩක් අහිංසක අපූරු සතෙක්. ගොඩක් පොඩි ළමයි ආසයි ඉබ්බෙක් ඇති කරන්න. හැබැයි ඉතිං ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා අපි අද කියලා දෙන්න යන්නේ පොල් කටු සහ මැටි භාවිතා කරලා ලස්සන ඉබ්බෙක් හදා ගන්න විදිය.

අවශ්‍ය දේවල්

මේ විදියට හදා ගන්න

මුලින්ම පොල් කට්ට හොඳින් සුද්ද කර ගන්න. Atlas Nature Clay ටිකක් අරගෙන රොටියක් වගේ හදා ගන්න. දැන් පොල් කට්ට ඊට උඩින් තියලා වටේ තියෙන වැඩි Clay ටික ඉවත් කර ගන්න.

ඊට පස්සේ Atlas Nature Clay වලින් ඉබ්බාගේ මුහුණ, කකුල් සහ වලිගය හදා ගන්න. ඒවා සදා ගත්ත Clay රවුමේ යටින් සවි කර ගන්න.

දැන් තවත් Atlas Nature Clay පටියක් අරගෙන රූපයේ ආකාරයට Clay රවුම වටේ සවි කර ගන්න.

මීළඟට Clay වලින් සිහින් කූරු හදාගෙන රූපයේ විදියට පොල්කට්ට වටේට සවි කර ගන්න. දැන් මද වෙලාවක් සාදා ගත්ත නිර්මාණයන් වේලෙන්න තියන්න.

හොඳින් මැටි වේලුනාට පස්සේ Atlas Poster Colour වලින් ඉබි කටුව සහ ඉබ්බා ලස්සනට පාට කරන්න. දැන් ඉබි කටුව ඉබ්බාගේ ඇඟ උඩින් තියන්න. බලන්න කොච්චර ලස්සන ඉබ්බෙක්ද.

Related Products

TT0071002-min

ATLAS NATURAL CLAY 500G

TT0390102-min

ATLAS WATER COLOUR PENCIL 12 COLOURS

Leave a Comment: