Articles

ප්ලාස්ටික් ගැලුමකින් ලස්සන පෝච්චි රඳවනයක්.

ගෙදර අලංකාරයට මල් පෝච්චි එල්ලලා තියන්න ගොඩක් අය කැමති. හැබැයි සමහර වෙලාවට මල්පොච්චිය පරණ වෙලා මඩ ගෑවිලා නිසා ලස්සන නොවෙන්න පුළුවන්. ඒකට අපූරු විසඳුමක් තමයි මේ කියලා දෙන්න යන්නේ.

අවශ්‍ය දේවල්

  • ප්ලාස්ටික් ගැලුමක්
  • Atlas Poster Colour
  • පින්සලක්
  • පේපර් කටර් එකක්
  • රිබන් පටියක්

මෙහෙම හදා ගන්න

මුලින්ම කුඩා ගැලුමේ පතුල කපා ඉවත් කරන්න. දැන් ප්ලාස්ටික් ගැලුම උඩ යට හරවා රූපයේ විදියට Atlas Poster Colour භාවිතයෙන් ලස්සන මුහුණක් ඇඳ ගන්න.

දැන් ලස්සනට හිස හරියෙන් රිබන් පටිය ගැට ගසන්න. පිටුපසින් කුඩා සිදුරක් විදලා ඇණයක එල්ලා ගන්න.

දැන් ඔබට පුළුවන් ඔබේ මල් පෝච්චිය මේ ගැලුම ඇතුලට දාලා එල්ලා තබන්න.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

TT0060401-min

ATLAS BINDER GLUE PEN 40G

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

Leave a Comment: