Articles

පොඩිත්තන්ට බ්‍රිස්ටල් බෝර්ඩ් වලින් ලස්සන නිවසක් හදලා දෙමුද?

පෙර පාසල් හෝ පාසල් යන බබාලට මෙවැනි නිර්මාණ අනිවාර්යයි. ඒ නිසා මෙය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. වැඩිය වියදමකින් සහ මහන්සියකින් තොරව මෙය නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?

බ්‍රිසටල් බෝර්ඩ් එකක් ගෙන පහත සඳහන් ප්‍රමාණයන්ගෙන් නිවසක ආකෘතියක් ඇඳගන්න. මෙහි ජනෙල් පළල 1.7cm සහ උස 2.4cm ප්රමාණයෙන් ඇඳගන්න. දොරවල් වල ප්රමාණය පළල 2cm ක් සහ උස 3.7 ක් ලෙස ගන්න.

දැන් මේ පතොරම ගානට කපා ගන්න. එම පතොරම පාට පැන්සල් වලින් පාට කරගන්න. පසුව මේ පතොරමේ දාරවල් වල ගම් ආලේප කර නිවැරදිව අලවා ගන්න.

වහලයේ ප්‍රමාණය දිග 18cm සහ පළල 8cm ක ප්‍රමාණයට ඇඳ කපා ගන්න. නිවසේ චිමිනිය පහත සඳහන් ප්‍රමාණයන් ගෙන් ඇඳ කපා ගන්න. වහළය සහ චිමිනියත් පාට කරගන්න.

මෙහි ජනෙල් වලට තද පැහැති A4 කොළ භාවිතා කරන්න. පසුව නිවසේ බඳට වහළය සහ චිමිනිය එකතු කරන්න. දැන් ඔබට තියෙනවා අපූරු සෙල්ලම් ගෙදරක්.

Related Products

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

WF7050603-min

ATLAS COLOUR SPARX 12 COLOURS

Leave a Comment: