Articles

හුරුබුහුටි Pocket Greeting Card.

ඔබ මිතුරා Birthday එකට දෙන්න ලස්සන Card එකක් හදලා දෙමු. මේක හදන්න එතරම් අපහසුවක් නැහැ. Birthday Card එකක් ගන්න වියදම් කරනවට වඩා අඩු වියදමකින් මෙය කරගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?

මෙහෙමයි හදා ගන්නේ

වර්ණ A4 කොළයක් ගන්න. අඩි කෝදුවක් සහ පැන්සලක් ආධාරයෙන් කඩදාසිය මැද දිග සහ පළල 10cm පමණ වන සමචතුරශ්‍රයක් ඇඳගන්න. රූපයේ දැක්වෙන ආකාරයට සහ එම ප්‍රමාණයන්ට අනුව රේඛා ඇඳගන්න.

රතු පැහැයෙන් දැක්වෙන රේඛා වෙන් නොවන ලෙස කතුරකින් කපා ගන්න. දෙපැත්තේ කඩ ඉරි මතින් දැක්වෙන ත්‍රිකෝණ 4 කපා ඉවත් කරන්න. මැද කොටුවේ sticker එකක අලවා ගන්න.

රූපයේ පෙනෙන ආකාරයට දෙපැත්තෙන් කොටස් දෙක ඇතුල් පැත්තට නවා ගන්න. දැන් එම නවා ගත් කොටස පහත රූපයේ දැක්වෙන ආකාරයට නවා ගන්න. ඉතිරි පැති දෙකේ තිබෙන කොටස් දෙකත් ඇතුල් පැත්තට නවන්න. ත්‍රිකෝණාකාර කොටස් දෙක යළි විරුද්ධ පැත්තට නවා ගන්න.

Related Products

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

WF7042504-min

ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK

WF7080206-min

ATLAS RULER 12″ CLEAR

Leave a Comment: