Articles

ඉවත දමන පේපර් රෝල් වලින් හදන්න අපූරු නිර්මාණ 3 ක්.

මොනවද අවශ්‍ය වෙන්නේ.

හදන්නේ මෙහෙමයි 

මුලින්ම සුදු A4 එක රෝල අලවගන්න. රතුපාට පටියක් කපලා පින්තුරේ පෙනෙන ආකාරයට අලවගන්න. දැන් Marker එකෙන් ඇස් ,කට,බොත්තම් අඳින්න. තැඹිලි පාටින් පොඩි නහයක් කපලා අලවගන්න. ඔන්න දැන් ලස්සනම ලස්සන හිම මිනිහෙක් ඉන්නවා.

හරි දැන් අපි බලමු රාක්ෂයෙක් හදා ගන්නේ කොහොමද කියලා. බය වෙන්න එපා .මේ රාක්ෂයාට නම් පොඩ්ඩෝ බය වෙන්න එපා.

මොනවද අවශ්‍ය වෙන්නේ.

මෙහෙම හදමු 

මුලින්ම කොළ පාට A4 එක රෝලේ අලවගන්න. කලුපාට පටියක් කපලා රෝලේ උඩ  අලවගන්න. Marker එකෙන් නහය, කට, අඳින්න. සුදු A4 එකකින් කුඩා රවුම් දෙකක් කපා කළු පාට marker pen එකකින් ඇඳ ඇස් දෙකක් අලවා ගන්න.

ඊට පස්සේ අළුපාට A4 එකෙන් අත් දෙකක් අලවන්න. කොළපාට තීරු දෙකක් කපලා දෙපැත්තෙන් අලවන්න. දැන් බලන්නකෝ අපේ රාක්ෂයා ලස්සනද කියලා. හරි අපි දැන් ඊළඟ නිර්මාණය කරමු. පේපර් රෝල් වලින් හිම මිනිසෙකුයි, රාක්ෂයෙකුයි හැදුවනේ. දැන් අපි මී මැස්සෙක් හදමු. ඒකට ඕන දේවල් පහත තියෙනවා.

මොනවද අවශ්‍ය වෙන්නේ.

මෙහෙම හදමු 

මුලින්ම කහ පාට A4 එක රෝලේ අලවගන්න. එක උඩින් කළු පාට A4 එකෙන් කපාගත් තීරු පින්තුරයේ පෙනෙන විදිහට අලවගන්න. කළුMarker එකෙන් කටක් අදින්න.දැන් ඇස් තියෙන තැනින් Googly Eyes අලවන්න. නිල් පාටින් තටු දෙකක් අලවන්න. කළු පාට තීරු දෙක රෝල මැදින් අලවන්න. ඔන්න දැන් අපිට මී මැස්සෙකුත් ඉන්නවා.

Related Products

TT0010305-min

PAPERLINE PHOTOCOPY PAPER A4-70GSM

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

WF8060202-min

PERMANENT MARKER - BLACK

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

Leave a Comment: