Articles

පොඩ්ඩට සෙල්ලම් කරන්න Monster කකුල් දෙකක්.

කාටුන් චරිතවල ඇඳුම් අඳින්න පොඩ්ඩන් ගොඩක් කැමති. අද අපි කියලා දෙන්න යන්නේ ගෙදර තියෙන දේවල් වලින් පොඩ්ඩට Monster Legs දෙකක් හදලා දෙන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?

  • හිස් Tissue පෙට්ටියක්.
  • පාට පාට සව් කොළ
  • Atlas Clear Glue Pen එකක්
  • Atlas Binder Glue
  • පින්සලක්
  • ස්පොන්ච් කැබලි

මේ විදියට හදා ගන්න

හිස් Tissue පෙට්ටියක් අරන් උඩින් දරුවාගේ කකුල දමන්න පුළුවන් ප්‍රමාණයේ කොටුවක් කපා ගන්න. ඊට පස්සේ පාට පාට සව්කොළ අතින් කැබලි වලට ඉරා ගන්න. දැන් Atlas Clear Glue Pen එකේ යට Tip එක පැත්තෙන් Tissue පෙට්ටිය වටේට ගම් ආලේප කර ඉරා ගත්ත සව් කොළ අලවන්න.

අලවා ගත්ත සව් කොළ මත ගම් ආලේප කර නැවත වරක් සව් කොළ අලවන්න.

දැන් ස්පොන්ච් කැබැල්ලක් අරන් රාක්ෂයෙකුගේ ඇඟිල්ලක් ආකාරයට කපා ගන්න. මේ විදියට ඇඟිලි 8 ක් කපා ගන්න. කපා ගත්ත ස්පොන්ච් ඇඟිලි සාදා ගත්ත Tissue පෙට්ටිය ඉදිරියේ Atlas Binder Glue භාවිතයෙන් අලවා ගන්න.

දැන් මේ Monster කකුල් දෙක ඔබේ පොඩ්ඩට දමා සෙල්ලම් කරන්න දෙන්න. බලන්නකෝ පොඩ්ඩා කොච්චර සතුටු වෙයිද කියලා.

Related Products

TT0060501-min

ATLAS CLEAR GLUE PEN 40G

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

Leave a Comment: