Articles

Fresh Juice බෝතලයකින් අපූරු Stationery Pack එකක් හදමු.

Stationery දාන්න එක එක විදියේ Pack, Box සහ Cases එනවා. හැබැයි ඒවට වඩා අපූරු Stationery Pack අපිට ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුළුවන්. අද අපි බලමු Fresh Juice බෝතලයකින් Stationery Pack එකක් හදා ගන්න විදිය.

අවශ්‍ය දේවල්

  • Fresh Juice / Fresh Milk බෝතල් 2 ක්
  • පේපර් කටර් එකක්
  • Atlas පාට A4
  • Atlas Binder Glue
  • Atlas Super Glue
  • ඉලාස්ටික්

මුලින්ම Fresh Juice බෝතලය අරන් මූඩියේ ඉඳලා අඟල් 1 1/2 විතර දුරින් කපලා ඉවත් කර ගන්න. දැන් දාර 4 දිගේ පහළට කපා ගන්න.

දැන් Atlas පාට A4 වලින් කපා ගත්ත Fresh Juice බෝතලය ලස්සනට අලවා ගන්න. ඒ විදියටම තවත් Fresh Juice බෝතලයක් ඊට වඩා උස ටිකක් අඩුවෙන් සහ පළල අඩුවෙන් කපලා හදා ගන්න. ඒ බෝතලයත් Atlas පාට A4 වලින් ලස්සනට අලවා ගන්න.

දැන් රූපයේ පෙනෙන විදියට ලොකු Fresh Juice බෝතලය උඩින් පොඩි Fresh Juice බෝතලය තියලා Atlas Super Glue වලින් අලවා ගන්න. දිග පටිවල Stationery රඳවන්න පුළුවන් විදියට ඉලාස්ටික් පටි අලවන්න.

මුලින්ම කපා ගත්ත Fresh Juice බෝතලයේ උඩ කොටසත් Atlas පාට A4 වලින් ලස්සනට අලවා ගන්න. දැන් ඉලාස්ටික් පටිවල Stationery රඳවලා Fresh Juice බෝතලයේ පටි ඉහළට ඔසවා මූඩියෙන් වහන්න. දැන් ඔබට තියෙනවා ලස්සන Stationery Pack එකක්.

Related Products

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

TT0060101-min

ATLAS SUPER GLUE 3G

Leave a Comment: