Articles

නිවසේ ඉවත දමන ද්‍රව්‍ය වලින් හුරුබුහුටි බෑග් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉවත දමන ඩෙනිම් කලිසමක්
  • භාවිතා නොකරන CD තැටියක්
  • Atlas කතුරක්
  • Atlas Super Glue
  • ඉවත දමන වෙනත් රෙදි කෑල්ලක්
  • ඉවත දමන කාඩ්බෝඩ් කෑල්ලක්
  • නූල් වලින් ගොතාගත් පටියක්

සාදාගන්න ආකාරය

ඩෙනිම් කලිසමක් ගෙන ඒ මත Atlas Super Glue ආලේප කර CD තැටිය අලවා මෙලෙස රවුමක් කපාගන්න.

පසුව එය වටේට තීරු කපා මෙලෙස Atlas Super Glue ආධාරයෙන් CD තැටිය මත අලවන්න. ඒ මත රවුමට කපාගත් වෙනත් රෙදි කෑල්ලක් අලවන්න. එවැනිම තවත් එකක් නිර්මාණය කර ගන්න.

ඉන් පසු ඩෙනිම් කලිසමේ කකුලෙන් සෘජුකෝණාශ්‍රාකාර හැඩැති කෑල්ලක් කපාගන්න. එහි මැදින් කොටසක් කපා සිපර් එකක් අලවාගන්න.

එය අනිත් පැත්ත හරවා සෘජුකෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කෑල්ලක් Atlas Super Glue භාවිතා කර අල්වාගන්න. එහි වැඩි කොටස් අලවා මෙලෙස රවුමක් ආකාරයට හදාගන්න.

පසුව CD තැටිය භාවිතා කර මුලින් සාදාගත් රවුම් දෙක ගන්න. එය කාඩ්බෝඩ් භාවිතා කර සාදාගත් රවුමේ දෙපැත්තෙන් Atlas Super Glue ආධාරයෙන් මෙලෙස අලවා ගන්න.

දැන් එයට දෙපැත්තෙන් නූල් වලින් ගොතාගත් පටි දෙකක් දාලා ඔයාට බෑගයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.

Related Products

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

TT0060101-min

ATLAS SUPER GLUE 3G

Leave a Comment: