Articles

A4 කොළ වලින් ලස්සන මාළුවෙක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සාදාගන්නා ආකාරය

වර්ණ A4 කොළයක් ගෙන එය සමචතුරස්‍රාකාරව කපා ගන්න. දැන් ඒවා හරි මැදින් ත්‍රිකෝණාකාරව නවා ගන්න.

ඊළඟට කොළය දිග හැර එහි කොනක් අල්ලා මැදට වන සේ නවන්න. ආයෙමත් සම්පූර්ණ කොළයම දිග හරින්න.

දැන් නැවතත් ත්‍රිකෝණාකාරව නවා නැමුම් ස්ථානයේ සිට අනෙක් නැමුම දක්වා කපා ගන්න.

කොළය දිඟ හැර එහි ඉදිරි කොටසේ උල් කොටස රවුම් වන සේ කපන්න. පසුව එක් කොනක Atlas ගම් ආලේප කර අනෙක් කොන එහි අලවන්න.

තවත් කොළයක් ගෙන එයින් කුඩා අඩකවයක් කපා ගන්න. Atlas ගම් ආලේප කර මාළුවාගේ කට අලවගන්න.

වෙනත් වර්ණයක A4 කොළයක් ගෙන කුඩා හාර්ට් දෙකක් කපා ගන්න. ඉන් එක් හාර්ට් එකක් මාළුවාගේ පසුපස වරල ලෙස Atlas ගම් ආලේප කර සවි කරන්න. අනෙක් හාර්ට් එක දෙකට කපා දෙපස වරල් ලෙස අලවන්න.

කළින් කපා ගත් අඩ කවයට වඩා කුඩා අඩ කවයක් කපා ගෙන එය මාළුවාගේ දිව ලෙස අලවන්න. පසුව සුදු සහ කළු වර්ණ A4 කොළ වලින් මාළුවාගේ දෑස්‌ කපා අලවාගන්න.

Related Products

GF3013902-min

ATLAS BINDER GLUE BOTTLE 200G

PF0084103-min

COLOUR A4 ASSORTED 10 COLOURS

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

Leave a Comment: