ඔබේ දරුවා නිදා ගන්න කොට්ටයට ලස්සන උරයක් දැම්මොත් දරුවාටත් ආස හිතෙයි. ලස්සන කොට්ට උරයක් හදා ගන්න මැහුම් ගෙතුම් දැන ගන්නම ඕන නෑ. ගෙදර තියෙන දේවල් වලින් පහසුවෙන්ම ලස්සන කොට්ට උරයක් හදා ගන්න හැටි අද කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?
- ලා නිල් පාට කොට්ට උරයක්
- Atlas Poster Colour
- කළු Drawing කොළයක්
- ස්පොන්ච් කැබැල්ලක්
- Atlas පැන්සලක්
- පින්සලක්
සාදා ගන්න ආකාරය
මුලින්ම කළුපාට කඩදාසිය මත වළාකුලක් ඇඳ කපාගන්න. දැන් කොට්ට උරය අරගෙන කපා ගත් වලකුලේ අච්චුව ඊට උඩින් තියා ගන්න. ඊට පස්සේ ස්පොන්ච් කැබැල්ලේ සුදු Poster Colour තවරලා රූපයේ විදියට ආලේප කරන්න.
දැන් කඩදාසි අච්චුව ඉවත් කර ගන්න. දැන් ඒක වේලෙන්න තියන්න. ඒ අතරේ ස්පොන්ච් කෑල්ලක් අරගෙන රූපයේ ආකාරයට පැන්සලක් ගසා සාදා ගන්න.
දැන් සාදා ගත්ත ස්පොන්ච් පින්සලෙන් ඇස් ඇඳ ගන්න. පින්සලෙන් නහය සහ කට අඳින්න. කළු කඩදාසියෙන් වැහි බිංදු කපා රූපයේ ආකාරයට පාට කරගන්න.
දැන් ඔබට තියෙනවා ලස්සන කොට්ට උරයක්. මේ ක්‍රමය භාවිතා කරලා ඔබට තව තවත් නිර්මාණ කර ගන්න පුළුවන්