Articles

ජෑම් බෝතලෙන් ලස්සන Glitter Globe එකක් හදමු.

Glitter Globe එකක් කියන්නේ යාලුවෙක්ගෙ උපන්දිනයකට තෑගි දෙන්න හොඳම දෙයක්. ඒවගේම ගෙදර ලස්සනට තියන්නත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වුනත් කඩේ තියෙන Glitter Globe මිල අධිකයි. ඒනිසා අපි අද කියලා දෙන්නේ ගෙදරදීම ජෑම් බෝතලයකින් Glitter Globe එකක් හදා ගන්න විදිය.

මේ දේවල් අවශ්‍ය වෙනවා

හදා ගන්නේ මෙහෙමයි

මුලින්ම හිස් ජෑම් බෝතලයක් හොඳින් සෝදා පිසදාගන්න. ජෑම් බෝතලයේ පිටත ලේබලය ගලවා ඉවත් කරන්න. ජෑම් බෝතලයේ මූඩියේ ඇතුල් පැත්තේ කුඩා ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් Atlas Super Glue වලින් අලවා ගන්න.

ජෑම් බෝතලයේ 1/3 පිරෙන්න වතුර දමන්න. ඉතුරු ප්‍රමාණයට Atlas Super Glue දමන්න. දැන් එයට දිලිසෙන කුඩු ටිකක් දමා කූරකින් හොඳින් කලවම් කරන්න.

සෙල්ලම් බඩුව අලවා ගත්ත මූඩියෙන් බෝතලය හොඳින් වසන්න. දැන් මූඩිය යටට සිටින විදියට ජෑම බෝතලය තියන්න. බලන්න කොච්චර ලස්සන Glitter Globe එකක්ද.

Related Products

GF3005701-min

ATLAS CLEAR GLUE BOTTLE 350ML

TT0060101-min

ATLAS SUPER GLUE 3G

Leave a Comment: