Articles

බීම බට වලින් සෙරෙප්පු දෙකක්.

බීම බටවලින් බීම බොන්න විතරද පුළුවන්? නෑ සෙරෙප්පු හදන්නත් පුළුවන්. පුදුම වෙන්න දෙයක් නෑ. අද අපි කියලා දෙන්නේ බීම බට වලින් Bathroom එකට දාන්න සෙරෙප්පු දෙකක් හදා ගන්න විදිය.

මොනවද අවශ්‍ය

මුලින්ම ඔබේ කකුල කාඩ්බෝඩ් එක උඩ තියලා කකුලට ගැලපෙන ප්‍රමාණයට සෙරෙප්පු අඩිය ඇඳ කපා ගන්න. ඊට පස්සේ තෙල් කොළය උඩින් බීම බට රටාවකට තියා ගන්න.

ඊට උඩින් තවත් තෙල් කොළයක් තියා ගන්න. දැන් ඒ තෙල් කොලය උඩින් Iron එක තියලා හොඳින් Iron කර ගන්න. මීළඟට Iron කර ගත්ත බීම බට උඩින් කපා ගත් සපත්තු අඩිය තියලා ඒ හැඩයට බීම බට කපා ගන්න.

සෙරෙප්පුවේ ඇඟිලි හිරවෙන කොටසත් බීම බට වලින් කපා ගන්න. දැන් Atlas Super Glue වලින් එම කොටස සෙරෙප්පුවේ අඩියට අලවා ගන්න.

මේ විදියට අනිත් කකුලටත් සෙරෙප්පුවක් හදා ගන්න. දැන් ඔබට තියෙනවා අපූරු බීම බට සෙරෙප්පු දෙකක්.

Related Products

TT0060101-min

ATLAS SUPER GLUE 3G

WF7090501-min

ATLAS SCISSOR GRIPPER

Leave a Comment: